Jump to content

මාලක දේවප්‍රිය

විකිපීඩියා වෙතින්
මාලක දේවප්‍රිය
උපත
කොළඹ
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයBA (2005) MFA (2009)MA (2019)
උගත් ශාස්ත්‍රාලයඇකඩමි ෂ්ලොෂ් සොලිටියුඩ්,කැළණිය විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය, ආනන්ද විද්‍යාලය,
රැකියාවසිනමා අධ්‍යක්ෂණය


'මාලක දේවප්‍රිය' (ඉංග්‍රීසි: Malaka Dewapriya)යනු ශ්‍රී ලාංකීය සම්මානනීය තරුණ චිත්‍රපට තිර රචකයෙකු හා සිනමාව අධ්‍යක්ෂවරයෙකි, ගුවන් විදුලි නාට්‍ය රචකයෙකි, දෘශ්‍ය කලාකරුවෙකි, කෙටි චිත්‍රපට සහ වීඩියෝ නිර්මාණකරුවෙකි.

අධ්‍යාපනය

[සංස්කරණය]

2005 කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිධාරියෙකු වන ඔහුට 2007 දී ෆිල්ම් වීඩියෝ සහ නිව්මීඩ්යා සඳහා ජර්මනියේ බාර්ඩන් වෲටන්බර්ග් ශිෂ්‍යත්වයක් හිමිවිය. ඉන් අනතුරුව 2009දී ඔහු කොරියාවේ නැෂනල් මියුසියම් ඔෆ් කන්ටෙම්පරි ආර්ට් හි දකුණු ආසියානු ෆෙලෝ ශිෂ්‍යත්වයක් දිනා ගත්තේය. [1]

වෘතාන්ත චිත්‍රපට

[සංස්කරණය]

පාසල් සමයේදී "සම්මාන රූ" කෙටි චිත්‍රපටයෙන් ඇරඹී සිය සිනමාකරණය තුළ කෙටි චිත්‍රපට දහයක් නිර්මාණය කරලීය. ඔහුගේ පළමු[2]වෘතාන්ත චිත්‍රපටය[3]වන්නේ බහුචිතවාදියාය.[Bahuchithawadiya][4](බොහෝ අදහස් ඇත්තා/එක් අදහසක් නැත්තා[5]).[6] එය 2017 5වන දෙරණ සිනමා උළෙලේ හෙට දවසේ සිනමා අංශයෙන් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගනිමින් මිලියන 5ක ‍ප්‍රචාරක අනුග්‍රහය ලබාගන්නා ලදී. [7].ඉන් අනතුරුව 2018 අට වන සාක් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා ජූරි සම්මානය දිනා ගත්තේය. [8].එය 40 මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේ නෙට්පැක් තරගකාරී අංශය නියෝජනය කරමින් තිරගත විය. [9].එමෙන්ම 35වන සරසවි සම්මාන උළෙලේදී තිරගතවීමට ඇති චිත්‍රපට අතුරින් 2016 වර්ෂය සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය දිනා ගන්නා ලදී.[10] එමෙන්ම 2018 ජර්මනියේ කාල්ස්රුහි පැවති බෙස්ටලර් ඉන්ඩිපෙන්ඩන්ට් චිත්‍රපට උළෙලේදී හොඳම ස්වාධීන චිත්‍රපට සඳහා හිමි සම්මානය දිනා ගන්නා ලදී. බහුචිතවාදියා තවත් අන්තර්ජාතික සිනමා උළෙලවල් කිහිපයකම ප්‍රදර්ශනය විය.[11][12]

කෙටි චිත්‍රපට

[සංස්කරණය]

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ඊශ්‍රායලයේ ටෙල්-අවිව් හි10 වන ජාත්‍යන්තර ශිෂ්‍ය සිනමා උළෙලේ දී “ලයිෆ් සර්කල්” නම් කෙටි චිත්‍රපටය ප්‍රදර්ශනය කළේය.එය ශ්‍රී ලාංකීය සිසුවෙකුගේ චිත්‍රපටයක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලකට සහභාගී වූ පළමු අවස්ථාවයි. නෙදර්ලන්තය-සිනේ ස්ටුඩ්,ඉන්දියාව-ඕෂියන් සිනේ ෆෑන්, ඇමරිකාව- නිව්යෝර්ක් චිමෙරා ආදි තවත් සිනමා උළෙලවල් කිහිපයක්ම එය නියෝජනය කරලිය. ඔහු විසින් නිර්මාණය කරන ලද “එක්ස්චේන්ජ්” නම් කෙටි චිත්‍රපටය ටෝකියෝ සිනමා උළෙලට සමගාමීව පැවැත්වෙන ශෝට්ස් ෂෝ්ට්ස් චිත්‍රපට උළෙලේ පළමු ශ්‍රී ලාංකික ප්‍රවේශයද විය. සිය "ට්‍රාන්ස්ෆරන්ස් "[13] කෙටි චිත්‍රපටය මුම්බායි ජාත්‍යන්තර ෆිලික්ස්ට් චිත්‍රපට උළෙලේදී හොඳම “රිදී ටෙන් සම්මානය” දිනා ගත් අතර පාකිස්ථානයේ කරා සිනමා උළෙල නියෝජනය ලැබීය. ඔහු ජර්මනියේ ඇකඩමි ෂ්ලෝස් සොලිටියුඩ්හි දී සාදන ලද "ටුඩේ" කෙටි චිත්‍රපටය "ඉතාලියේ සිනමාදමාරේ සිනමා උළෙලේ අවසන් වටයට" තරග කිරීමට තෝරා ගන්නා ලදී.[14]

රේඩියෝ නාට්‍යය

[සංස්කරණය]

පාසල් සමයේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය රංග ශිල්පියෙකු, පිටපත් රචකයෙකු ලෙස සක්‍රීය වූ ඔහු විවිධ තේමාවන්හී නාට්‍ය රැසක් රචනා කර ඇත. සිය නාට්ය පිටපත් එකතුවක් ලෙස 2005දී "උගේ හිස ඉවරයි" ,2012දී "නිහොන් සැප ලැබේවා" [15] [16]සහ 2023 දී "බැලන්ස් බාර්එකේ බුෂ්එක බුරුල්" [17] [18]රේඩියෝ නාට්‍ය ග්‍රන්ථ මුද්‍රණය කර ඇත. රේඩියෝ නාට්‍ය විකල්ප ශ්‍රවන මාදිලියක් ලෙස සමාජගත කිරීම අරමුණු කරගනිමින් ඔහු විසින් 2016 දී "කණට පාරක්"" [19] (කනට නව මාර්ගයක් නැතහොත් අවකාශයක්, ඉංග්‍රීසි: earfull of visuals- )[20] නමින් ප්‍රවීණ රංග ශිල්පින් අසූවක් යොදාගනිමින් රේඩියෝ නාට්‍ය 20ක් නිෂ්පාදනය කළේය[21]හොඳම රේඩියෝ නාට්‍ය පිටපත් සඳහා අන්තර් විශ්ව විද්‍යාල සම්මාන, යෞවන සම්මාන රැසක්දිනා ඇති ඔහු 2017 පළමු රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී හොඳම රේඩියෝ නාට්‍ය රචකයාට හිමි සම්මානයත් නැවත 2019 දෙවන රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී හොඳම රේඩියෝ නාට්‍ය රචකයාට හිමි සම්මානයත් දිනා ගත්තේය. [22]

වේදිකා නාට්‍ය

[සංස්කරණය]

1989  කාලයේදි ළමා රංග ශිල්පියෙකු ලෙස වේදිකා නාට්‍ය  ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඔහු යෞවන සම්මාන හා  රාජ්‍ය සම්මාන දිනූ 1991 "මහාමාරිය", 1992 "සෙවණැලි සහ මිනිස්සු" ,1993  "කස්පා" ,1994 "ඝාතක ස්වර " ආදී  දිගු වේදිකා නාට්‍ය මෙන්ම  කෙටි නාට්‍ය රැසක රංගනයෙන් දායකවී ඇත. ශිෂ්‍යයකු ලෙස කෙටි නාට්‍ය ගණනාවක් රචනා කොට නිෂ්පාදනය කර ඇත. 1991 "ක්ෂමාව",1992 "ගිණිකන්ද",1993 "බන්ධන",1995 "දණ්ඩන" ආදී නාට්‍ය සඳහා පාසල්, අන්තර් පාඨශාලීය, සමස්ත ලංකා, හොඳම රචනය නිෂ්පාදනය රංගනය සඳහා සම්මාන ලබා ඇත. 2001 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක් ලෙස හැරල්ඩ් පින්ටර්ගේ "වන් ෆෝද රෝඩ්" දිගු නාට්‍යය නිෂ්පාදනය කළ අතර එය යෞවන හා රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා තේරී පත්වී සම්මානයට පාත්‍ර විය. එමෙන්ම ධර්මසේන පතිරාජ රචනා කළ "කොරා සහ අන්දයා" නාට්‍යය 2017 නැවත නිෂ්පාදනය කරලීය.

බාහිර සබැදි

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

| Malaka Dewapriya |}

  1. ^ "හෙට දවසේ සිනමාවේ හොඳම චිත්‍රපටයන්" (Web). රසඳුන. 20 June 2017. සම්ප්‍රවේශය 10 February 2019. .
  2. ^ "බහුචිතවාදියා මොස්කව් ගිහින්" (Web). 40 වන මොස්කව් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල 2018 අප්‍රේල් 19 සිට 27 දක්වා පැවති අතර බහුචිතවාදියා ,(THE UNDEСIDED)සිනමා කෘතිය (NETPAC)අංශයේ (in-competition)තරගකාරී ඉසව්ව ඔස්සේ ප්‍රදර්ශනය වුණා. මේ සඳහා තවත් රටවල් දහයක සිනමා කෘති ප්‍රදර්ශනය කළා. THE UNDEСIDED/sri Lanka,SOLDIER'S MEMENTOS /Korea,SEASON OF THE DEVIL /Philippine,CHINA'S VAN GOGHS/ China &Netherland, FORTITUDE/Uzbekistan,NU/Russia,THE LORDEAGLE/Russia. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  3. ^ "අගනාගරික සමාජ සැකැස්ම දැකීමට කවුළුවක්". බහුචිතවාදියා එක් අතකින් ඔහුට පෙර පරම්පරාවට අයත් සිනමාකරුවන් වූ අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැන්නන්ගේ සිනමා කෘතිවලින් රැඩිකල් ලෙස වෙන් වීමක් පෙන්නුම් කරන බව පෙනී යයි. එක් අතකින් එය ධර්මසේන පතිරාජ වැන්නෙකුගේ සිනමා කතිකාව කරා අපසු යෑමක් වැන්නක් ලෙස නම් කිරීමටද පුළුවන.බහුචිතවාදියා චිත්‍රපටයේ මට දැකගත හැකි එක් විශිෂ්ට ලක්ෂණයක් වන්නේ ඒ මගින් සමකාලීන අග නාගරික භූමි දර්ශනය අප වෙත පමුණවන ආකාරයයි. චිත්‍රපටයේ ආරම්භයේ දී දිස්වන සසිත සිය භාණ්ඩ බෙදා හැරීමේ චාරිකාවන්හි නිරතවන දර්ශනයේ පටන්ම බොහොවිට කැමරාව දිශාගත වී ඇත්තේ වීදි දිගේ ඇති ගොඩනැඟිලිවල උඩුමහල් වෙතටයි. චිත්‍රපටයේ අපට මුණ ගැසෙන සිදුවීම් බහුල සංඛ්‍යාවක් සිදු වන්නේ ද මේ උඩු මහල්වල දී වීම විශේෂත්වයකි. මේ උඩුමහල් අපට සිහි ගන්වන්නේ ඇමෙරිකාවේ මෑන්හැටන් හෝ හොංකොං වැනි අග නාගරික භූමි දර්ශනයක් නොව ඊට වඩා බෙහෙවින් අවිධිමත් නාගරීකරණයක් පිළිබද හැඟීම් ඇති කරන භූමි දර්ශනයකි.මගේ යෝජනාව වන්නේ බහුචිතවාදියා හරහා අපවෙත සමප්‍රේ්ෂණය වන මේ තොරතුරු ලංකාවේ ආර්ථිකය ගෝලීය වශයෙන් ස්ථානගතවී ඇති ආකාරයේ ජනිතවී ඇති ව්‍යුහාත්මක යථාර්ථයේ ඇතැම් සංයුක්ත ප්‍රකාශමාන වීම් බවයි. {{cite web}}: soft hyphen character in |url= at position 42 (help)
  4. ^ "ලාංකික සිනමාවේ දේශපාලනික විකාශනය II: මෙතැන සිට කොතැනටද?". සම්ප්‍රවේශය 10 February 2017. හඳගමගෙන් පසු, පශ්චාත් - හඳගම සිනමාව යනුම පසු-නූතන සංකල්පීය ප්‍රතිනිෂ්පාදන වීමකි. සිනමාවට සමකාලීන යථ විවර වූ පසුත් නැවත නැවත ඒ තාප්පයේම හැප්පෙන සිනමාවක් ගොඩනගනා සිනමාවන් රොත්තක් හැදෙමින් තිබේ. ඊනියා මැද මාවතක සිටිනා සිනමාවද නව සිනමා සිදුවීමක් ඇතිකිරීමට තවමත් අසමත් වී ඇත. නමුත් අනාගත දේශපාලන සිනමාව ගැන ඉඟියක් රැගත් එක් චිත්‍රපටියක් පමණක් මේ ලියන මොහොත වන විට නරඹන්නට ලැබී ඇත. තිරගත වීමට නියමිත බොහෝ චිත්‍රපටි නරම්බා ඇති මට මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ 'බහුචිතවාදියා'චිත්‍රපටිය අනාගත දේශපාලන සිනමාවක ඉඟි සලකුනු කිරීමක් සේ හැඟී යයි. සිනමා සෞන්දර්ය ද ආත්මීය හා වාස්තවික ප්‍රතිවිරෝධතා ග්‍රහනයෙන් ද මාලකගේ චිත්‍රපටිය නැවුම් ආරක් ගෙන ඇති බව මගේ අදහසයි.
  5. ^ "බහුචිතවාදියා අපභ්‍රංශයක්නොවේ" (Web). සිළුමිණ. 18 June 2018. බහුචිතවාදියා කියන්නේ සංකීර්ණ,ගැඹුරු,අපභ්‍රංශ පදයක් නොවේ. බහු කියන්නේ "බොහෝ" චිත කියන්නේ "සිතිවිලි" කියන එක බහුචිතවාදය යනු බොහෝ අදහස් ඇති තැනැත්තා නැත්නම් එක අදහසක් නොමැත්තා හෙවත් අතීරක පුද්ගලයා යන අදහසයි.බහුචිතවාදියා යන පදය නිර්මාණය කළේ සමකාලීන සමාජයේ තාරුණ්‍යයේ ස්වරූපය නම් කරන්න. බහුචිතවාදියා චිත්‍රපටය නිර්මාණය කළේ එම ස්වරූපය ප්‍රකාශකරන්න.1960/70 දශකවල ලංකාව ආවෘත ආර්ථිකයක බහුතර තරුණ ජීවන දෘෂ්ටිය තුළ වාමාංශික දෘෂ්ටිවාදයේ හික්මීමක් තිබුණා. එකල බිහිවූ කලාකෘති වලින්ද එම ස්වරූපයන් ප්‍රකාශ වෙනවා. නමුත් සමකාලීන ලාංකීය සමාජය තුළ තාක්ෂණික ගෝලීයකරණය හරහා සංස්කෘතික ධනවාදය ඔස්සේ අත්පත් කර දී තිබෙන ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් සුඛෝපභෝගී වාහන, නිවාස සමග තාරුණ්‍යයේ ජීවන දෘෂ්ටිය බහුචිතවාදී ස්වරූපයක් අරගෙන තිබෙනවා. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help); soft hyphen character in |url= at position 44 (help)
  6. ^ "බහුචිතවාදියා හැදුවේ දෙදරා යන තරුණ ජීවිත ගැන කියන්න" (Web). lankasara. 18 June 2020. මේ චිත්‍රපටිය සංකල්පය ආවේ සමාජ මාධ්‍ය ජාල ආරම්භ වූ ගිය දශකයේ මුල් කාර්තුව තුළ. මෙහි ප්‍රබන්ධ වන්නේ බහු චිත හෙවත් එක් අදහසක් නැති නැතිනම් බොහෝ අදහස් ඇති සමකාලීන ලාංකීය තාරුණ්‍යය හා සමාජ ජීවිතයේ එක්තරා ස්වරූපයක පිළිඹිඹුවක්. විධිමත් අධ්‍යාපනයක් නොලැබීම නිසා රැකියා සුරක්ෂිත භාවයක් නොමැතිකමින් මුදල් සෙවීමේ පහසු මාර්ග සොයා විදේශ ගතවීමේ උන්මාදයෙන් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය හා ඊට ඈඳුණු ලබන සෙසු චරිත හරහා කතාව ගොඩ නැගෙනවා. අපේ සමාජය බිහිසුණු දෙදරීමකට ලක්ව ඇති ආකාරය තේමාකරගෙන කෘතිය ගොඩ නැගෙනවා.එතකොට ඔබ අහනවා නම් මේ කෘතිය දැන් පරණ වැඩියි, එය කෘතියට බලපෑමක් එල්ල කරනවා නේද කියලා මට කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. කලා කෘතියක් කියන්නේ වයින් බෝතලයක් වගේ. ඒක කවදාවත් පිළුණු වෙන්නෑ කිරි හොද්දක් වගේ. හොඳ වයින් එකක් ඕන වෙලාවක ඕන කාලයක බොන්න පුළුවන්. කලා කෘතියක් සර්වකාලීනයි. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  7. ^ "මෘදුකාංග මැද අයාලේ යමින් සහනය හොයන බහුචිතවාදියා" (Web). දිවයින. 12 June 2018. සම්ප්‍රවේශය 10 July 2019. චිත්‍රපටයේ එන සසිත නම් තරුණයා අනෙකුත් චරිතයන් සමග යෙදෙන අන්තර් ක්‍රියාව පදනම් කොට අධ්‍යක්‌ෂවරයා එම සමාජ චිත්‍රය අප ඉදිරියේ තබයි. එම චිත්‍රය යථාර්ථවත් සිතුවමකි. ඒ තුළ නිරූපණය වන්නේ පසුගිය දශක කිහිපයේ ඇති වූ සමාජ ආර්ථික හා දේශපාලන පරිණාමයේ වර්තමාන ඵලයයි. වඩාත් මෑත දශකයේ අන්තර්ජාලය ඇතැම් සන්නිවේදන ක්‌ෂේත්‍රයේ ඇති වූ වර්ධනය හා පැතිරීම මත ජනිත වූ පුද්ගල සම්බන්ධතා කරණකොටගෙන බිහි වූ සමාජ ජාලයේ සංකීර්ණතා සියුම්ව ලිහාගෙන ඒවායේ යථාර්ථය පිරික්‌සා බලන ලෙස මෙම කෘතිය අපට සන් කරයි.චිත්‍රපටයේ එන නාගරික තරුණයා අධ්‍යාපනය සාර්ථක ලෙස නිමාකරගන්නට නොහැකිවුණු බහුතරය නියෝජනය කරන්නෙකි. ඔහු බොත්තම් ඔබන ජංගම දුරකථනයේ සිට ස්‌මාර්ට්‌ දුරකථනය දක්‌වා දුරකථන සුහුරු වත්මන් පරපුරේ අයෙකි. පරිගණකයේ තමන් රිසි අංග මැනවින් හුරු අයෙකි. මුහුණු පොතෙන් තමන්ට ඕනෑ සම්බන්ධතා ගොඩනඟා ගන්නට රුසියෙකි. ඔහු ජීවත්වන සමාජය ද විශේෂයෙන් පසුගිය දශකය තුළ අන්තර් ජාලයේ පැටලුණු සමාජයකි. ඔහු 'අහස්‌ගව්ව' චිත්‍රපටයේ හෝ 'වල්මත් වූවෝ' චිත්‍රපටයේ එන තරුණයා මෙන් සරල දිවිපෙවෙතක්‌ ඇත්තෙකු නොවේ. එම චරිතය එක්‌ අතෙකින් පාර දිගේ චිත්‍රපටයේ එන තරුණ චරිතයේ සමීප විකාශනයකි. මෙම තරුණයාට කිනම් විදිහකින් හෝ වාහනයක්‌ (මෝටර් සයිකලයක්‌ හෝ) අවශ්‍ය ය. ජංගම දුරකථනයක්‌ අවශ්‍ය ය. ලැප්ටොප් යන්ත්‍රයක්‌ අත්‍යවශ්‍යය.
  8. ^ "විපරීත යුගයක තරුණ සිනමාව" (Web). boondi. 12 June 2018. සම්ප්‍රවේශය 27 February 2019. කෙතරම් පින්කෙතක් වුවද තවමත් මෙහි සිට දියුණුයයි සම්මමත රටවලට මිස ඒ කිසිම රටක සිට මේ කරා සරණාගතයන් රැගත් වල්ලම් නොඑන වර්තමානයක මාලක බිඳ වැටුන ක්‍රමයක විවෘත ගොදුරක්ව උපතේ සිටම සිහින පසුපස ලුහුබඳින ඉරණම කර පටවා ගත් තරුණ ජීවිත කිහිපයක් හරහා සමාජය කියවීමට රූපරාමු අමුණයි. ආගම, නක්ෂත්‍රය, ඇතුළු සියළු අගතීන්හී ගිලුණ ජීවිත, මිත්‍රත්වය පවා නොතකන ස්වාර්ථකාමී තාරුණ්‍යයක චලිතය, හුදු ගණුදෙනුවක් බවට පත් ආදරය යයි කියනා විකාර සහගත සබඳතාවන්, වාමාංශික කඳවුරෙහි වත්මන් රූපාන්තරණය, නූතන තාක්ෂණ මෙවලම් තුළ හරසුන්ව යන මානව බැඳීම් මේ විවිධ තේමාවන් මාලක ඉතා කෙටි දෙබස් ඛණ්ඩයන් හා රූප රාමු මගින් දක්ෂ ලෙස සිනමා පටයකට සංස්කරණය කරයි…මාලක තම සිනමා පටය තුළින් පරිභෝජනවාදී සමාජයක විකාරයක් බවට පත්වන මිනිස් සබඳතා එකිනෙක මුණගස්වන්නේ වැරදිකරුවන් නිවැරදිකරුවන් සෙවීමට ඉතා උනන්දුසහගත සමාජයක් අන්දමන්ද කරවන අයුරිනි. ඔහුගේ සිනමාපටය තුළ චූදිතයන් සහ අහිංසකයන් වෙනුවට අපට හමුවන්නේ අපේම සමකාලීන ජීවිතයෙහි දෝංකාරයන්ය
  9. ^ ""බහුචිතවාදියා" ආදරය යනු මෝටර් සයිකලයකින් ඩිලිවර් කළහැකි තෑගි පාර්සලයක්ද" (Web). ravaya. 10 June 2018. සම්ප්‍රවේශය 15 February 2019. අලූත් පරම්පරාවක පැවැත්ම පිළිබඳ මේ අර්බුදය, එනම් මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන් කර හුදෙකලා කරනු ලැබීම පිළිබඳ අර්බුදය, සිනමා කෘතියට හසුවෙන්නේ පශ්චාත්-නූතන ගෝලීයකරණය පිළිබඳ ඇතැම් යථාර්ථයද හසුවන ලෙසය. ආර්ථික ගෝලීයකරණය ප්‍රාග්ධනයට දේශසීමා පනින්නට ලබා දෙන ඉඩ ශ්‍රමිකයාට ලබා දෙන්නේ නැත. ශ්‍රමිකයාට දේශසීමා ඉක්මවා යන්නට ලැබුණද ඔහුට හෝ ඇයට ඒ ගමන යාමට ලැබෙන්නේ ශ්‍රමිකයකු ලෙසම පමණි. ආදරවන්තයකු ලෙස සිය ආදරවන්තියද රැගෙන, සැමියකු ලෙස සිය බිරිඳද රැගෙන, පියකු ලෙස සිය දරුවන්ද රැගෙන දේශසීමාව පනින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.. ආදරය යනු මෝටර් සයිකලයකින් ගොස් ඩිලිවර් කළ හැකි තෑගි පාර්සලයක්ද? වේගයෙන් වර්ධනය වන අගනගරය තුළ අපේක්ෂා භංගයට පත්වන මේ තරුණයාත්, න්‍යෂ්ටික පවුල් තුළට ආදරය සහ රැකවරණය සොයා එළැඹුණු ස්ත්‍රීන්ගේ අතෘප්තියෙන් බරවුණු හුදෙකලාවත් ගැන මේ චිත්‍රපටය කියන කතාව වර්තමානය ගැන චිත්‍රණයක්ද? අනාගතය ගැන අනතුරු ඇඟවීමක්ද? න්‍යෂ්ටික පවුල තවදුරටත් නොබෙදිය හැකි පරමාණුවක් සේ සැලකුණු යුගයක් තිබිණි. අද එය තවදුරටත් පරමාණුවක් නොවේ. එයද කැඩී තවත් කුඩා කෑලිවලට කැඬේ. එසේ කැඩී විසිවුණු මනුෂ්‍ය දූවිලිවල කතාව සිනමාත්මකව කීම අපේ සිනමාව බාරගත යුතු අභියෝගයකි. එය රජකතාකාර සිනමාකරුවන්ට බැරිවැඩකි.
  10. ^ "බහුචිතවාදියා වෙනුවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් ුර සම්මානය දිනූ මාලක දේවප්‍රිය" (Web). සාරවිට. 12 June 2018. සම්ප්‍රවේශය 10 February 2019.
  11. ^ "ගොදුරු පසුපස පියාසරකරන බහුචිතවාදියා". සම්ප්‍රවේශය 10 February 2017. මෙහි කැමරාව තුන්වන චරිතයක් බවට පත්වෙමින් නිර්මාණ දේහයට වේගවත් හුස්මක් එකතු කරමින් කුමක්දෝ නිර්මාණශීලී භාෂාවකින් අපව ආමන්ත‍්‍රණය කරයි. මෙහි සිනමා ආඛ්‍යානයත් සමඟ ඒකාත්මික වෙයි. සංස්කරණය ද එසේමය. සියළු කැමරා කෝණ ඉතා හොඳින් ස්පර්ශ කරමින් ඡේදන ගැටිම තුළින් නව අර්ථ කතනයකින් කතා විලාශය ඉදිරියට අරගෙන යයි.මෙහි සංගීතය ඇසෙන නොඇසෙන තැනක සිට සිනමා රූපය ධ්වනිත කරයි. සිනමා කරුවා සංගීතය ඉතා මසුරු කමින් උච්ඡතම අවස්ථාවන්වල හැඟීම් ජනනය වන්නට පමණක් ඉඩ දෙමින් සිනමා භාෂාවේ තොල අගට මී පැණි එකතු කර ඇත.
  12. ^ "තරුණයන් චිත්‍රපට කරන්නේ සම්මාන ගන්න නොවේ" (Web). sarasaviya. 18 June 2020. 1962 ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය විදිහට සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ සම්මාන ලැබීමෙන් පස්සේ නාට්‍යකරුවෙකු ලෙස සුගත්ට විශාල කීර්තියක් ලැබුනා. මේ ජනප්‍රියතාවය කොතරම්ද කිව්වොත් සමස්ත ලංකා මැජික් සංගමය මැජික් තරගයක් විනිශ්චය කිරීම සඳහා සුගතපාල ද සිල්වාට ආරාධනා කරලා තියෙනවා. සුගතපාල ද සිල්වා එකහෙළාම ආරාධනය ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ තමාට මැජික් ගැන කිසිම දැනුමක් නැති නිසා එම විනිශ්චය සඳහා නුසුදුසු බව දක්වමින්. එතකොට මැජික් තරගයේ සංවිධායකයෝ කියලා තියෙනවා මැජික් ගැන කිසිම දෙයක් නොදැනීම තමයි මැජික් කරඟක් විනිශ්චය කරන්න තිබිය යුතු හොඳම සුදුසුකම කියලා. මොකද මැජික් දැනගත්තොත් ඒකෙ තියෙන විජ්ජාවල බොරුව පේන නිසා නිවැරදි විනිශ්චය දීගන්න බැරි වෙන බව.නමුත් සුගතපාල ද සිල්වා කියනවා මැජික් විනිශ්චය කරන්න මැජික් ගැන නොදැනීම සුදුසුකම වුණාට කලාව විනිශ්චය කිරීම සඳහා කලාව සම්බන්ධව දැනුම අවශ්‍ය බව. කලාව ගැන විධිමත් දැනුමකින් තොරව දෙන විනිශ්චයන් අර මැජික් තරගයක් විනිශ්චය කරල දෙන විනිශ්චයන් වගේ කියලා තමයි සුගතපාල ද සිල්වා කියන්නේ.. {{cite web}}: Cite has empty unknown parameter: |1= (help)
  13. ^ "තනි රටක කලාවක් ගැන මගේ විශ්වාසයක් නෑ" (Web). dinamina. 18 June 2018. ට්‍රාන්ස්පරන්ස් මගින් අර්ථ විවරණයක් සිදු කරනවා. විශ්වවිද්‍යාලයේ ප්‍රේමය, ලිංගිකත්වය ආදිය. සමාජයේ පවතින කිසියම් ගැටලුවක් තමයි ඕනෑම නිර්මාණයකට පදනම වෙන්නේ.
  14. ^ "කෙටි චිත්‍රපට කියන්නේ O/L ඉවර වෙලා A/L කරනවා වගේ දෙයක් නෙමේ" (Web). ada. 18 June 2018. ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා පවා කෙටි චිත්‍රපට වලින් තමයි සිනමාව පටන් ගත්තේ. ඒ වගේම ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක ඔක්කෝම කෙටි චිත්‍රපට සිදුකළා. හැබැයි ඒ කාලෙ තියෙන ගැටලුව රීල් වලින් සිදුකළ නිසා බොහොම සීමිත පිරිසකට තමා මෙවැනි නිර්මාණ කරන්න පුළුවන් වුණේ. .
  15. ^ "තෙරුවන් හෝ නිවන මම විවේචනය කළේ නැහැ" (Web). රාවය. 18 June 2018. නිහොන් කියන්නෙ ජපානයට. නිහොන්ගු කියන්නෙ ජපන් භාෂාවට. නිහොන්ජින් කියන්නේ ජපන් ජාතිකයා. නිහොන් හෝෂු ක්වකායි කියන්නේ එන් එච් කේවලට. නිහොන් හා නිවන් අතර සම්බන්ධයක් නැහැ. නිහොන් සැප ලැබේවා කියන්නේ ජපාන සුඛෝපභෝගී ජීවිතයක් අත්වේවා කියන අදහසයි. මෙම නාට්යජයේ අන්තර්ගත වෙන්නේ ඉස්මතු කරන්නේ ජපානය වැනි සංවර්ධිත රටකට ගොස් ජීවිකාව කරන තාරුණ්යත ගැන.
  16. ^ "සංස්කෘතික වාරණය රාජපක්ෂවාදයේ අවතාරයක්ද" (Web). anidda. 12 June 2018. ශරී ලංකාවේදී සංයුක්ත තැටි මඟින් එළිදැක්වෙන පරංස්ථම ගුවන් විදුලි නාට්ය ය වශයෙන් ඔහුගේ කෘති ඉතිහාස ගතවිය. ගුවන් විදුලි නාට්යඟ පිළිබඳ සමිම්භාව්ය යුගය වාණිජ ගුවන් විදුලියේ පැතිරීමත් සමඟ අවසන් වන විට, මාලක තම රේඩියෝ නාට්යන ජනතාව අතරට ගෙනයාමට එ්වා මුද්රවණය කිරීමටත්, සංයුක්ත තැටි හා අන්තර්ජාලයෙන් බාගත කරගත හැකි මාධ්යවයක් වශයෙන් නිෂ්පාදනය කිරීමටත් යෙදිණ. ඉතා ඉහළ නිර්මාණ කෞශල්යටයකින් ඉදිරිපත් කෙරෙන මෙම නිර්මාණ සමස්තයක් වශයෙන් ගතානුගතික අදහස් පද්ධතීන්, ස්තරියටි පුරුෂ සමාජභාවය, ජාතිවාදය හා පරිභෝජනවාදය තියුණු අන්දමින් විවේචනය කරන කෘති වශයෙන් හඳුනාගත හැක. ගැටලූව වන්නේ ඔහු මෙම නාට්යජ නම් කිරීමේදී කර ඇති නව්යන වචන හරඹයයි. උදාහරණයක් ලෙස 'නිහොන් සැප ලැබේවා' යනු නාට්යජයක නමකි. එමඟින් ඔහු 'නිහොන්' සහ 'සැප ලැබේවා' යන සංඥා දෙක ඈඳා තිබේ. මෙය නව්යරතම සංඥා සංකලනයකි. සමහරක් බෞද්ධ භික්ෂූන්ට හා ජාතිවාදීන්ට පර' ටශ්නය වී ඇත්තේ 'නිහොන් සැප ලැබේවා' යන වැකියයි. 'නිහොන්' යනු ජපානය යන අරුත දෙන පදයකි. ශීඝරන් වශයෙන් මෙරට හැරදමා ජපානය ආදි රටවල් කරා ඇදීයන තරුණ පරපුරේ ඛේදවාචකය කියාපෑමට මාලක අතිශය උපහාසාත්මක ලෙස මෙම වැකිය නිර්මාණය කොට තිබේ. එය කුමන ආකාරයකින් හෝ බුද්ධාගමට සම්බන්ධ නොවන තේමාවක් පිළිබඳ කතාවකි. මාලක නිර්මාණය කළ තවත් කෘතියක් නම් 'තරුවන් සරණයි' යන ගුවන් විදුලි නාට්ය යයි. මාලක මෙහිදී 'සරණයි' යන පදය සමඟ 'තරුවන්' යන නවතම පදයක් සංයෝජනය කරයි. මෙහි 'තරුවන්' යනු මෙරට රූපවාහිනි මාධ්යබ මඟින් බිහිකළ තරු සංස්කෘතිය හඳුන්වන පදයකි. අතිශය නිර්මාණාත්මක හා පරමෙහහසනාත්මක අයුරින් මාලක 2012දී දුටු තරු සංස්කෘතිය අද යථාර්ථයක් බවට පත්වී තිබේ. 'ඩිරශය ම් ස්ටාර්', 'සුපර් ස්ටාර්', 'මෙගා ස්ටාර්', 'චිල්ඩිරන්ඞ් ස්ටාර්' ආදි වශයෙන් නම් කෙරී ඇති රියැලිටි වැඩසටහන්වලින් සිදුකෙරෙන සංස්කෘතික කරිා යාවලිය මාලකගේ තියුණු උපහාසයට හසු කෙරෙන අවස්ථාවකි, 'තරුවන් සරණයි' යන නාට්යනය. සමාජ උපහාසයට හා දේශපාලනික අවබෝධය පිණිස සිය නිර්මාණාත්මක හැකියාව භාවිත කරන කලාකරුවෙකු වශයෙන් මාලකගේ කෘතිවලට එල්ලවන වාරණයේ හා ජාතිවාදී දේශපාලනයේ මර්දනයට අප විරුද්ධය.
  17. ^ "මාලකගේ රේඩියෝ බුෂ්එක 4 දා සිට භාවිතාවට" (Web). sinhala.lankanewsweb. 18 June 2018. කලාව ඇතුළෙ මේ භාවිතයන් හරියටම කරන්න වෙහෛසෙන කලාකරුවෙක් හැටියට තමන්ගේ හඬ ප්රaකාශන ඔස්සේ මෙන්ම රූප ප්රවකාශන ඔස්සේත් උත්සාහ කරන්නෙක් හැටියට මාලක දේවප්රිෛය හඳුන්වන්න පුළුවන්.ඔහු ඉතාම කුඩා අවදියේ ප්රපසන්න ජයකොඩිගේ සෙවනැලි සහ මිනිස්සු තුළින් රංගන ශිල්පියෙක් විදිහට හඳුනා ගත්තු දවසෙ ඉදලා අමුතුයි.ඒ අමුතුකම කලාවට මුතු සරියි.කාලයත් එක්ක ඇඟපතට වඩා දැනුමෙන් සහ නිර්මාණ කුසලතාවයෙන් වැඩුණු මාලකට බ්රුෂ්වල කෙදි කපන්න පාත් වෙච්චි දැවන්ත මුවහත් අසිපත්වලට සමහර වෙලාවට කෙදි නෙමෙයි බ්රුෂ් එකම කැපිලා ගියා.එහෙත් කඳ කෙළින් තියාගෙන ඉන්න තරමෙ හොඳ කොන්දක් එක්ක ඉස්සරහට ගමන් කරපු මාලක ගුවන් විදුලි නාට්ය නිෂ්පාදකයෙක්,රචකයෙක් හැටියට මෙන්ම බහුචිතවාදියා සිනමා පඨය හරහාත් තමන්ගේ අනන්යගතාවය විශිෂ්ඨත්වයට සමීප කරපු නිර්මාණකරුවෙක්.මාලකගේ රේඩියෝ නාට්යන ගැන ධර්මසේන පතිරාජයන් තබා ඇති මේ අදහස ඔහුගේ බ්රමෂ් එකේ සහ බුෂ් එකේ තියුණු සහ දියුණු භාවය ලාංකේය රේඩියෝ නාට්යම කලාවට එකතු කරන වටිනාකම තේරුම් ගැනීමට අතිශයින් වැදගත් වනු ඇත."මේ නාට්යන එකින් එක ගත් විට සන්දර්භ හැටියට පඨිතමය අර්ථයෙන් නම් කරන්න පුළුවන්. එම සන්දර්භවල තියෙන පරස්පරතා එහිදී මතු වෙනවා. මේ නාට්ය් හරහා මට මතක් වෙන්නේ ඇරිස්ටොෆානිස්ගේ 'ක්ලවුඩ්ස්', 'බර්ඩ්ස්' වගේ නාට්ය . මාලකගේ රේඩියෝ නාට්යඅ එවැනි සම්ප්ර දායක් අරගන්නවා. ඔහු කිසියම් සන්දර්භයක් අරගෙන නිර්දය ලෙස උපහාසාත්මකව ඉදිරිපත් කරනවා. මෙම සංකල්ප සජීවීකරණයට හෝ රූපයට නැගිය නොහැකියි. මේ නාට්ය් සංකල්ප වඩාත් ගැළපෙන්නෙ රේඩියෝ මාධ්යකයට පමණයි. නාට්යනවල නම් පිහිටුවීම අතිනුත් සමාජයේ පවතින විපරිත භාවය ඔහු මතු කරනවා. විශිෂ්ට සන්දර්භයන් හසුකරගෙන රසවත් ශෛලියකින් ලියලා තියෙන මේ නාට්යා මාලාව අහන විට අපූර්වත්වයක් මට ඇති වුණා."
  18. ^ "හඬ රූපයට පැරදී නෑ" (Web). රාවය. 18 August 2023. 'බැලන්ස් බාර්එකේ බුෂ්එක බුරුල්' කියන්නේත් එහෙම අර්ථ ගොඩක්. දෘශ්ය කලාවන් පරයා ගමන් කරන්න පුළුවන් ප්ර'කාශන බලයක් අදෘශ්යපමාන කලාවක් වන රේඩියෝ නාට්යනකරණයේ ගැබ් වෙලා තියෙනවා. මෙම 'ශ්‍රව්‍යමය රූප' 'දෘශ්ය්මය රූප' පරයා යන තරමට ප්රඅබල බව මම තරයේ විශ්වාස කරනවා. වේදිකා නාට්යායක් හෝ සිනමා කෘතියක් නිෂ්පාදනය සඳහා යෙදවිය යුතු විශාල ප්රා ග්ධනයක් නැතුව මෙම කලාවේ සක්රි්ය වීමේ අවකාශ තියෙනවා. මේ හේතු නිසා මාගේ නිර්මාණ ආවේශය මුදාහරින එක් මාදිලියක් විදිහට රේඩියෝ නාට්යහ කලාව හා ඇබ්බැහි වෙලා මම ඉන්නවා. මේ ඩිජිටල් යුගයේ හිණිපෙත්ත. ඒත් මෙකලත් ඒ සමඟ රේඩියෝ කලාව කරට කර හැප්පෙන තැනක තියෙනවා. ඒ අනුව ඩිජිටල් තාක්ෂණය හමුවේත් මරා දමන්නට බැරි ප්රැබල තැනක ගුවන්විදුලිය වෙනවා. BBCය ගුවන්විදුලිය ගැන අන්තර්ජාතික මට්ටමෙන් පර්යේෂණ කරනවා. මෑතකදීම ගුවන්විදුලියට ශ්රා්වකයා මෙතරම් සමීප වන්නට හේතු ගණනාවක් හෙළි වුණා. දිගු සංචාරවලදී මගීන්ට රේඩියෝව ඉතා සමීප බවත්, වෛද්යෂවරු ආදීන් හමුවීමේ චැනල් වාරය එළැඹෙන තුරු කාලයේදී, ගුවන් ගමන් අතරතුරදී, ගෙදරදොර වැඩ අතරතුරදීත්, සජීවීව මෙන්ම, බාගත කරගෙනත් ගුවන්විදුලි වැඩසටහන්වලට සවන් දෙන බවත් හෙළි වී තියෙනවා. ලෝකයේ රේඩියෝ නාට්යද නැවත මුද්ර්ණය කිරීමේ ප්රවවණතාවක් වෙනවා.
  19. ^ "ඇණයක් වෙලා වදයක් වෙලා රේඩියෝ නාට්යs ඇස්සුවා" (Web). අනිද්දා. 26 August 2023. මම නාට්‍ය පිටපතක් අරගෙන ගිහින් සුගතපාල ද සිල්වාට පෙන්නුවා. ඔහු මට වැදගත් කතාවක් කිව්වා. ඉලන්දාරියා, කෙටිකතා හෝ උපමා කතා දෙබස් ආකාරයෙන් ලියලා වැඩක් නෑ. රේඩියෝ නාට්යා කියන්නේ මොකක් හරි කතාවක් දෙබස් ආකාරයෙන් ලියන එක නෙවෙයි. මේ මාධ්යියෙ පරිකල්පන ධාරිතාවක් තියෙනවා. මේක අඳුනගන්න වැඩකරන්න කිව්වා
  20. ^ "ගුවන් විදුලි නාට්ය. සමාජ විවේචන ගෙන යාහැකි මාධ්යnයක්‌" (Web). දිවයින. 28 June 2018. එක්‌ රූපයක්‌ වචන දහසක්‌ වටී යන සංකල්පයක්‌ තිබෙනවා. එහෙත් එක්‌ වචනයක්‌ රූප දහසක්‌ දක්‌වා බලාත්මක කිරීමට රේඩියෝ නාට්යසයට හැකියි. ශ්රා‌වකයන්ට සිතන්නට, තර්ක කරන්නට, බුද්ධිය මෙහෙයවීමට හෙවත් ශ්රාදවකයන්ගේ පරිකල්පන සහභාගිත්වය ඇති කිරීමට රේඩියෝව කදිම මාධ්යටයක්‌ ලෙස බර්ටෝල් බ්රේෂ්ට්‌ සිය 'රේඩියෝ ඈස්‌ ඇන් ඇපරේටස්‌ ඔෆ් කොමියුනිකේෂන්' රචනයේ දක්‌වනවා. අපේ සංස්‌කෘතියේදී මිනිස්‌සු පෙළඹිලා හිටියා අපි බහුශ්රැ ත වෙන්න ඕන කියලා. ඒ තත්ත්වය ඇති වුණේ ශ්රනවණය කිරීම තුළින්. පන්සලින් බණ කථා ජාතකකථා අහල පල්ලිවලින් බයිබල් කථා අහල, කමතෙන් නොයෙක්‌ සාහිත්ය කථා අහලා මිනිස්‌සු බහුශ්රැාත වුණා. මෙන්න ඇසීමේ ශ්රනවණය කිරීමේ වුවමනාව ගුවන් විදුලිය ආවට පස්‌සෙ තවත් පුළුල් වුණා. මිනිස්‌සු ගුවන් විදුලිය වටේ රොක්‌ වුණා. මේ තත්ත්වයේ අදටත් කිසිදු වෙනසක්‌ වෙලා නැහැ. නමුත් සමහරු හිතනවා දෘශ්යහ කලා ආවට පස්‌සෙ මේක නැති වුණා කියලා. මේක අමූලික බොරුවක්‌
  21. ^ "අද රේඩියෝවල විකාශනය කරන නාට්‍ය රේඩියෝ නාට්‍ය> නෙවෙයි" (Web). රාවය. 20 June 2016. අද රේඩියෝ නාට්ය=ය කියන්නේ හුදු සංඛ්යාටත තරංග පද්ධතියක් මත විකාශන කටයුතු කරන ඒ ඔස්සේ අසන දෙයකට නෙවෙයි. ඒ නිසා අද මිනිස්සු රේඩියෝ නාට්‍ය රස විඳින්නේ හයිවේවල දීර්ඝ සංචාර කරනකොට. ඊළඟට ඩොක්ටර් චැනල් කරන්න වේටින් ලිස්ට් එකේ ඉන්න අතරතුර, ගුවන් ගමන්වල නිරත වෙනකොට. අනෙක් පැත්තෙන් බීබීසී ආයතනය ගනිමු. ඔවුන්ගේ රේඩියෝ නාට්ය,ය මහා කර්මාන්තයක්. නළු නිළියෝ විතරක් දාහතර දහසක් ඉන්නවා. රචකයෝ දහසක් ඉන්නවා. බීබීසී සේවයේ නාට්යර අංශයේ වාර්ෂික පිරිවැය ස්ටර්ලින් පවුම් මිලියන දහනවයක් වෙනවා.
  22. ^ "සම්මානය ආස්වාදනීයයි" (Web). දිනමිණ. 20 June 2019. භාෂාව යනු සංකේත පද්ධතියක්. භාෂාවක සංකේත කිසිදු ආගමික සංස්ථාවකට හෝ පොලීසියට හෝ දේශපාලන කණ්ඩායමකට හෝ වෙනත් කිසිදු පාර්ෂවයකට අයිති දෙයක් නෙමෙයි. ලෝක ඉතිහාසයේ සිට මේ දක්වා කවීයො, කෙටි කතාකරුවෝ, නවකතාකරුවෝ, නාට්ය කරුවෝ ආදි මෙකී නොකී නිර්මාණකරුවො මේ භාෂාව විවිධාකාරයෙන් පාවිච්චි කරලා ව්යංදගාර්ථ උපමා ධ්වනිතාර්ථ උපහාස මතුකරනවා.භාෂාවක් සඳහා කිසිවකුට පේටන්ට් එකක් නෑ. භාෂාවක අර්ථයන් එය යොදාගන්නා සන්දර්භයට සාපේක්ෂව වෙනස් වෙනවා


"https://si.wikipedia.org/w/index.php?title=මාලක_දේවප්‍රිය&oldid=592917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි