1996 ක්‍රිකට් ලෝක කුසලානය
විල්ස් ලෝක කුසලානය 1996 | |
---|---|
ගොනුව:Wills World Cup 1996.svg | |
කාලය | 1996 පෙබරවාරි 14 – 1996 මාර්තු 17 |
පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ පිළිමලුන් පිටුදැකීම |
සත්කාරකත්වය | ඉන්දියාව පාක්ස්ථානය ශ්‍රී ලංකාව |
ශූරයන් | ශ්‍රී ලංකාව (1 වන වරට) |
අනුශූරයන් | ඕස්ට්‍රේලියාව |
සහභාගීත්වය | 12 |
තරඟ | 37 |
තරඟාවලියේ වීරයා | සනත් ජයසූරිය |
වැඩිම ලකුණු | සචින් තෙන්ඩුල්කාර් (523) |
වැඩිම කඩුලු | අනිල් කුම්බ්ලේ (15) |
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කරන ලද හයවන ක්‍රිකට් ලෝක කුසලානයයි. එහි නිල අනුග්‍රාහකයන් වන අයිටීසී හි විල්ස් සන්නාමයෙන් පසුව 1996 ක්‍රිකට් ලෝක කුසලානය විල්ස් ලෝක කුසලානය ලෙසද හැඳින්වේ. එය පාකිස්තානය සහ ඉන්දියාව විසින් සත්කාරකත්වය දුන් දෙවන ලෝක කුසලානය වන අතර පළමු වරට ශ්‍රී ලංකාවේද තරග පවත්වන ලදී. පාකිස්තානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව පරාජය කළ ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ජය ගත්තේය.
සත්කාරකත්වය
[සංස්කරණය]ලෝක කුසලානය ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල පැවැත්විණි. ඉන්දියාව විවිධ ස්ථාන 17 කදී තරඟ 17 ක් පවත්වා ඇති අතර පාකිස්තානය ස්ථාන 6 කදී තරඟ 16 ක්ද, ශ්‍රී ලංකාව ස්ථාන 3 කදී තරඟ 4 ක්ද පැවැත්වීය.
තරගාවලිය පැවැත්වීමට පෙර මතභේදයකට ගොදුරු විය; 1996 ජනවාරි මාසයේදී දෙමළ කොටින් විසින් කොළඹ මහ බැංකුවට බෝම්බ හෙලීමෙන් පසු ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ශ්‍රී ලංකාවට යැවීම ප්‍රතික්ෂේප කළහ. ශ්‍රී ලංකාව, කණ්ඩායම්වලට උපරිම ආරක්ෂාවක් ලබා දීමට අමතරව, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එය ආරක්ෂිත යැයි තීරණය කලේය. පුළුල් සාකච්ඡාවලින් පසුව, අයිසීසී තීන්දු කළේ, ශ්‍රී ලංකාවට තරඟ දෙකෙහිම ජය ප්‍රදානය කරන බවයි. මෙම තීරණයෙහි ප්‍රතිඵලයක්ල ලෙස ශ්‍රී ලංකාව තරගාවලිය ආරම්භ කිරීමට පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඉන්දියාව
[සංස්කරණය]නගර | ස්ථාන | ධාරිතාව | තරග |
---|---|---|---|
කල්කටා, බටහිර බෙංගාලය | ඊඩන් උද්‍යාන | 120,000 කි | 1 |
කාන්පූර්, උත්තර් ප්‍රදේශ් | හරිත උද්‍යානය | 45,000 කි | 1 |
මොහාලි, පන්ජාබ් | පන්ජාබ් ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගනය | 40,000 කි | 1 |
බැංගලෝර්, කර්නාටක | එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය | 55,000 කි | 1 |
මදුරාසි, තමිල්නාඩු | එම්.ඒ.සිදම්බරම් ක්‍රීඩාංගනය | 50,000 කි | 1 |
හයිද්‍රාබාද්, තෙලන්ගානා | ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගනය | 30,000 කි | 1 |
කටැක්, ඔඩීෂා | බරබති ක්‍රීඩාංගනය | 25,000 කි | 1 |
ග්වාලියර්, මධ්‍ය ප්‍රදේශ් | රූප් සිං ක්‍රීඩාංගනය | 55,000 කි | 1 |
විශාකාපට්ටම්, අන්ද්‍රා ප්‍රදේශ් | ඉන්දිරා ප්‍රියදර්ශිනි ක්‍රීඩාංගනය | 25,000 කි | 1 |
පාට්නා, බිහාර් | මොයින්-උල්-හක් ක්‍රීඩාංගනය | 25,000 කි | 1 |
පූනේ, මහාරාෂ්ට්‍ර | නේරු ක්‍රීඩාංගනය | 25,000 කි | 1 |
බොම්බේ, මහාරාෂ්ට්‍ර | වන්කඩේ ක්‍රීඩාංගනය | 45,000 කි | 1 |
අහමදාබාද්, ගුජරාට් | සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය | 48,000 කි | 1 |
වෝඩෝරා, ගුජරාට් | මෝටි බාග් ක්‍රීඩාංගණය | 18,000 කි | 1 |
ජයිපූර්, රාජස්ථාන් | සවායි මන්සිං ක්‍රීඩාංගනය | 30,000 කි | 1 |
නාග්පූර්, මහාරාෂ්ට්‍ර | විදර්බා සීඒ ක්‍රීඩාංගණය | 40,000 කි | 1 |
දිල්ලි, නවදිල්ලිය | ෆෙරෝස් ෂා කෝට්ලා පිටිය | 48,000 කි | 1 |
පාකිස්තානය
[සංස්කරණය]නගර | ස්ථාන | ධාරිතාව | තරග |
---|---|---|---|
කරච්චි | ජාතික ක්‍රීඩාංගනය | 34,000 කි | 3 |
ලාහෝර් | ගඩාෆි ක්‍රීඩාංගනය | 27,000 කි | 4 |
රාවල්පින්ඩි | රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණය | 17,000 කි | 3 |
පෙෂාවර් | අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය | 20,000 කි | 2 |
ෆයිසලාබාද් | ඉක්බාල් ක්‍රීඩාංගනය | 18,000 කි | 3 |
ගුජ්රන්වල | ජින්නා ක්‍රීඩාංගනය | 20,000 කි | 1 |
ශ්‍රී ලංකාව
[සංස්කරණය]නගර | ස්ථාන | ධාරිතාව | තරග |
---|---|---|---|
කොළඹ | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය | 0 * | |
කොළඹ | සිංහල ක්‍රීඩා සමාජය | 1 | |
මහනුවර | අස්ගිරියා ක්‍රීඩාංගනය | 1 |
- තරග දෙකක් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ කිසිවක් සිදු නොවීය.
සංචිත
[සංස්කරණය]1996 ක්‍රිකට් ලෝක කුසලානය කණ්ඩායම් සංචිත ලිපිය බලන්න
කණ්ඩායම්
[සංස්කරණය]පසුගිය ලෝක කුසලානයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවවැනි ටෙස්ට් තත්ත්වයේ සාමාජිකයා බවට පත්වූ සිම්බාබ්වේ ඇතුළු සියලුම ටෙස්ට් ක්‍රීඩා කරන සියළුම රටවල් තරඟයට සහභාගී වූහ. 1994 අයිසීසී කුසලානය සඳහා සුදුසුකම් ලැබූ ඇසෝසියේට් කණ්ඩායම් තුන - එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව සහ නෙදර්ලන්තය ද 1996 දී ලෝක කුසලාන තරගාවලියට පිවිසියේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පරාජ වීම ඇතුළුව නෙදර්ලන්තය සිය තරග පහම පරාජයට පත් වූ අතර කෙන්යාව පූනේහිදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව විස්මිත ජයග්‍රහණයක් වාර්තා කළේය.
සම්පූර්ණ සාමාජිකයන් | ||
---|---|---|
ඕස්ට්‍රේලියාව | එංගලන්තය | ඉන්දියාව |
නවසීලන්තය | පකිස්තානය | දකුණු අප්‍රිකාව |
ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් | සිම්බාබ්වේ |
ආශ්‍රිත සාමාජිකයන් | ||
කෙන්යාව | නෙදර්ලන්තය | එක්සත් අරාබි එමීර් |
සාරාංශය
[සංස්කරණය]ඩේව් වොට්මෝර් විසින් පුහුණු කරන ලද සහ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලාංකිකයන්, එක් එක් ඉනිමේ පළමු ඕවර 15 තුළදී පන්දු රැකීමේ සීමාවන්ගෙන් ප්‍රයෝජන ගනිමින් සනත් ජයසූරිය සහ රොමේෂ් කළුවිතාරණ ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගත්හ. පළමු ඕවර 15 තුළ ලකුණු 50 ක් හෝ 60 ක් ප්‍රමාණවත් යැයි සැලකෙන කාලයක, ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව එම ඕවරවලදී ලකුණු 117 ක්, කෙන්යාවට එරෙහිව 123 ක්, අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව 121 ක් සහ අවසන් පූර්ව වටයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 86 ක් රැස් කළේය. කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව කඩුලු 5 කට ලකුණු 398 ක් රැස් කළ අතර එය 2006 අපේ‍්‍රල් මාසය දක්වා එක්දින ජාත්‍යන්තර තරග වලදී වැඩිම කණ්ඩායම් ලකුණු ලබා ගත් නව වාර්තාවකි. පාකිස්තානයේ රාවල්පින්ඩි හිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ගැරී කර්ස්ටන් නොදැවී ලකුණු 188 ක් රැස් කළේය. මෙය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සහ මාටින් ගුප්ටිල් 2015 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී පිළිවෙලින් 215 සහ 237 ක් ලබා ගන්නා තෙක් ඕනෑම ලෝක කුසලාන තරඟයකදී මෙතෙක් ලබා ඇති ඉහළම තනි ලකුණු සංඛ්‍යාව බවට පත්විය.
110,000 ක් ලෙස නිල නොවන ලෙස ඇස්තමේන්තු කර ඇති පිරිසක් ඉදිරියේ ශ්‍රී ලංකාව කල්කටාවේ ඊඩන් ගාර්ඩ්න්ස් හිදී ඉන්දියාවට එරෙහිව පළමු අවසන් පූර්ව තරගය ජය ගත්තේය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමෙන් පසුව, ශ්‍රී ලංකාව කඩුලු 8 කට ලකුණු 251 ක දැවැන්ත ප්‍රති ප්‍රහාරයක් දියත් කළේය. පසුව ඉන්දීය ඉනිමේ 35 වැනි ඕවරයේදී කඩුළු 8 ට ලකුණු 120 ලබා ගත් අවස්ථාවේදී ප්‍රේක්ෂකයින් පළතුරු සහ ප්ලාස්ටික් බෝතල් පිට්ටනියට විසි කිරීමට පටන් ගත්හ. රැස්ව සිටි පිරිස නිහඩ කිරීමේ උත්සාහයක් ලෙස ක්‍රීඩකයින් විනාඩි 20 ක් පිටියෙන් ඉවත් විය. ක්‍රීඩකයින් නැවත ක්‍රීඩා පිටියට ආපසු පැමිණි විට, නැවතත් බෝතල් පිටියට විසි කරන ලද අතර, ක්‍රීඩාංගණයේ ගින්නක්ද දැල්වුණි. තරග තීරක ක්ලයිව් ලොයිඩ් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ලබාදුන් අතර එය මෙතෙක් ක්‍රිකට් තරගයක ජයග්‍රහණයට පෙර ජයග්‍රහණය ප්‍රධානය කල පලමු අවස්ථාව විය.
අවසන් මහා තරගයේදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට අවස්ථාව ලබා දුන්නේ මීට පෙර ලෝක කුසලාන අවසන් මහා තරග 5 ම පලමුව පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කල පසුබිමකය. ඕස්ට්‍රේලියාවේ ලකුණු 7 කට කඩුලු 241 ක් ලබා ගත් අතර මාර්ක් ටේලර් ලකුණු 74 ක් රැස් කළේය. 47 වැනි ඕවරයේදී ජයග්‍රාහී ලකුණ රැස් කල ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේය. තරඟාවලියක සත්කාරක හෝ සම-සත්කාරක ලෝක කුසලානය දිනාගත් පළමු අවස්ථාව මෙය විය.
කණ්ඩායම් අදියර
[සංස්කරණය]ඒ කාණ්ඩය
[සංස්කරණය]ස්ථානය | කණ්ඩායම | ත | ජ | ප | සම | වි.නැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | ශ්‍රී ලංකාව | 5 | 5 | 0 | 0 | 0 | 10 | 1.607 |
2 | ඕස්ට්‍රේලියාව | 5 | 3 | 2 | 0 | 0 | 6 | 0.903 |
3 | ඉන්දියාව | 5 | 3 | 2 | 0 | 0 | 6 | 0.452 |
4 | බටහිර ඉන්දීය කොදෙව් | 5 | 2 | 3 | 0 | 0 | 4 | −0.134 |
5 | සිම්බාබ්වේ | 5 | 1 | 4 | 0 | 0 | 2 | −0.939 |
6 | කෙන්යාව | 5 | 1 | 4 | 0 | 0 | 2 | −1.007 |
පෙබරවාරි 17
ලකුණු පුවරුව |
එ
|
||
- ආරක්ෂිත කරුණු හේතුවෙන් ඕස්ට්‍රේලියාව තරගය අත්හැර දැමූ අතර තරගය පැවැත්වෙන අවස්ථාවේ බොම්බායේ රැදී සිටියහ.
පෙබරවාරි 27
ලකුණු පුවරුව |
එ
|
||
- මෙම තරගය පෙබරවාරි 25 වන දින පැවැත්වීමට නියමිතව තිබුණි; තරගය ආරම්භ වූ නමුත් සිම්බාබ්වේ ඉනිමේ ඕවර 15.5 කට පසුව අතහැර දමන ලදී.
පෙබරවාරි 29
ලකුණු පුවරුව |
එ
|
||
- කෙන්යාව ඔවුන්ගේ පළමු එක්දින තරගය ජය ගත්තේය.
- බටහිර ඉන්දීය කොදෙව්වන්ට අයිසීසී ආශ්‍රිත සමාජිකයකුට එක්දින තරගයක් පරාජ වූ පළමු අවස්ථාව මෙය විය.
- එක්දින ඉතිහාසයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයකුට එරෙහිව ආශ්‍රිත සාමාජිකයකු ජයගත් සිව්වන අවස්ථාව මෙයයි. ( ශ්‍රී ලංකාව එරෙහිව ඉන්දියාව 1979 දී, සිම්බාබ්වේ එරෙහිව ඕස්ට්‍රේලියාව 1983 දී, සිම්බාබ්වේ එරෙහිව එංගලන්තය 1992 දී ; සියල්ල ලෝක කුසලාන වලදී)
මාර්තු 6
ලකුණු පුවරුව |
එ
|
||
- ශ්‍රී ලංකාවේ මුළු ලකුණු 398/5, 1992 දී පාකිස්තානයට එරෙහිව එංගලන්තය ලබාගත් ලකුණු 363/7 ඉක්මවා ගියේය. 2006 මාර්තු 12 වන දින ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව තරගයේ එය බිඳ දැමූ තෙක් ඕනම එදිජා තරගයක වාර්තාවක් විය. 2007 ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව විසින් බර්මියුඩාවට එරෙහිව ලකුණු 413/5 ක් ලබා ගන්නා තෙක් එය ලෝක කුසලාන වාර්තාවක් ලෙස පැවතුනි.[1]
බී කාණ්ඩය
[සංස්කරණය]ස්ථානය | කණ්ඩායම | ත | ජ | ප | සම | වි.නැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|---|---|
1 | දකුණු අප්‍රිකාව | 5 | 5 | 0 | 0 | 0 | 10 | 2.043 |
2 | පාකිස්තානය | 5 | 4 | 1 | 0 | 0 | 8 | 0.961 |
3 | නවසීලන්තය | 5 | 3 | 2 | 0 | 0 | 6 | 0.552 |
4 | එංගලන්තය | 5 | 2 | 3 | 0 | 0 | 4 | 0.079 |
5 | එක්සත් අරාබි එමීර් රාජ්‍ය | 5 | 1 | 4 | 0 | 0 | 2 | −1.830 |
6 | නෙදර්ලන්තය | 5 | 0 | 5 | 0 | 0 | 0 | −1.923 |
1996 පෙබරවාරි 17
ලකුණු පුවරුව |
එ
|
||
- මෙය නෙදර්ලන්තයේ පළමු එක්දින තරගයයි.
- පීටර් කැන්ත්රෙල්, ෆ්ලේවියන් අපොන්සු, ස්ටීවන් ලුබර්ස්, රෝලන්ඩ් ලෙෆෙව්ර්, ටිම් ද ලීඩ්, ක්ලාස්-ජෑන් වෑන් නූර්ට්විජ්, මාර්සලිස් ෂෙවේ, බැස්ටියාන් සුයිඩන්ට්, එරික් ගෞකා සහ පෝල්-ජෑන් බැකර් යන සියළු දෙනාම එක්දින තරග බිමට පිවිසියහ.
- අවුරුදු 47 යි දින 240 කදී නෝලන් ක්ලාක් සිය එක්දින ජාත්‍යන්තර මංගල දිවිය තැබූ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්විය.[2][3]
- ස්ටීවන් ෆ්ලෙමින් ඔහුගේ එකම එක්දින කඩුල්ල ලබා ගත්තේය.[4]
1996 පෙබරවාරි 27
ලකුණු පුවරුව |
එ
|
||
- තරගය ආරම්භයේදී අධික මීදුම හේතුවෙන් තරගය එක් පැත්තකට ඕවර 47 කට සීමා කෙරිණි.
1996 පෙබරවාරි 29
ලකුණු පුවරුව |
එ
|
||
- පාකිස්තානයේ විරෝධතාවයෙන් පසු බක්නර් මෙම තරඟයේදී ඉවත් කර ඉයන් රොබින්සන් විනිසුරුවරයා ලෙස පත් කළේය.
1996 මාර්තු 1
ලකුණු පුවරුව |
එ
|
||
- මෙය අයිසීසී ටෙස්ට් තත්වයේ නොමැති කණ්ඩායම් දෙකක් අතර පැවැත්වූ පළමු නිල එක්දින තරගයයි.
1996 මාර්තු 5
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
- පීටර් කැන්ට්‍රෙල්, ෆ්ලේවියන් අපොන්සු, මාර්සලිස් ෂීව්, එරික් ගෞකා, ස්ටීවන් ලබර්ස් සහ පෝල්-ජෑන් බැකර් අවසන් තරඟය ක්‍රීඩා කළහ එක්දින තරගය.[5]
- නෝලන් ක්ලාක් වයස අවුරුදු 47 යි දින 257 ක් වූ ඔහුගේ අවසන් එක්දින තරගය ක්‍රීඩා කළ අතර එය සිදු කළ වයස්ගතම ක්‍රීඩකයා.[6][7]
පිළිමළුන් පිටුදැකීමේ අදියර
[සංස්කරණය]අර්ධ අවසන් පූර්ව වටය
[සංස්කරණය] 1996 මාර්තු 9
ලකුණු පුවරුව |
එ
|
||
- පන්දු යැවීම මන්දගාමී වීම හේතුවෙන් පකිස්ථාන ඉනිමේ ඕවර 1 දඩ ලෙස අඩු කරන ලදී.
- මෙය ජාවෙඩ් මියැන්ඩාඩ් සඳහා වූ අවසන් එක්දින තරගයයි
අවසන් පූර්ව වටය
[සංස්කරණය] 1996 මාර්තු 13
ලකුණු පුවරුව |
එ
|
||
- මෙම තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත තරඟ තීරක ක්ලයිව් ලොයිඩ් විසින් පිරිනමන ලදි.
අවසාන තරගය
[සංස්කරණය] 1996 මාර්තු 17
ලකුණු පුවරුව |
එ
|
||
- සත්කාරක කණ්ඩායමක් විසින් ලෝක කුසලානය ජයගත් ප්‍රථම අවස්ථාව.
- දෙවන වර පන්දුවට පහර දුන් කණ්ඩායමක් විසින් ලෝක කුසලානය ජයගත් ප්‍රථම අවස්ථාව.
සංඛ්‍යාලේඛන
[සංස්කරණය]
|
|
ශතක ලැයිස්තුව
[සංස්කරණය]නම | ලකුණු | පන්දු | 4 | 6 | ප්‍ර/වේ | රට | ප්‍රතිවාදීන් | ක්‍රීඩංගණය | දිනය | එදිජා# |
---|---|---|---|---|---|---|---|---|---|---|
එන්.ජේ. ඈස්ලි | 101 | 132 | 8 | 2 | 76.51 | නවසීලන්තය | එංගලන්තය | අහමදාබාද් | 1996 පෙබරවාරි 14
|
1048 |
ජී. කර්ස්ටන් | 188* | 159 | 13 | 4 | 118.23 | දකුණු අප්‍රිකාව | එක්සත් අරාබි එමීර් | රාවල්පින්ඩි | 1996 පෙබරවාරි 16 | 1049 |
එස්.ආර්. තෙන්ඩුල්කාර් | 127* | 138 | 15 | 2 | 92.02 | ඉන්දියාව | කෙන්යාව | බරබතී ක්‍රීඩාංගණය, කතාක් | 1996 පෙබරවාරි 18 | 1052 |
ජී.ඒ. හික් | 104* | 133 | 6 | 2 | 78.19 | එංගලන්තය | නෙදර්ලන්තය | පෙෂාවර් | 1996 පෙබරවාරි 22 | 1057 |
එම්.ඊ. වෝ | 130 | 128 | 14 | 1 | 101.56 | ඕස්ට්‍රේලියාව | කෙන්යාව | විශාකාපට්ටම් | 1996 පෙබරවාරි 23 | 1058 |
එම්.ඊ. වෝ | 126 | 135 | 8 | 3 | 93.33 | ඕස්ට්‍රේලියාව | ඉන්දියාව | වන්කඩේ ක්‍රීඩාංගණය, බොම්බාය | 1996 පෙබරවාරි 27 | 1065 |
අමර් සොහෙයිල් | 111 | 139 | 8 | 0 | 79.85 | පකිස්තානය | දකුණු අප්‍රිකාව | ජාතික ක්‍රීඩාංගනය, කරච්චි | 1996 පෙබරවාරි 29 | 1067 |
එස්.ආර්. තෙන්ඩුල්කාර් | 137 | 137 | 8 | 5 | 100.00 | ඉන්දියාව | ශ්‍රී ලංකාව | ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණය, දිල්ලිය | 1996 මාර්තු 2 | 1070 |
ආර්.ටී. පොන්ටිං | 102 | 112 | 5 | 1 | 91.07 | ඕස්ට්‍රේලියාව | බටහිර ඉන්දීය කොදෙව් | ජයපූර් | 1996 මාර්තු 4 | 1072 |
ඒ.සී. හඩ්සන් | 161 | 132 | 13 | 4 | 121.96 | දකුණු අප්‍රිකාව | නෙදර්ලන්තය | රාවල්පින්ඩි | 1996 මාර්තු 5 | 1073 |
පී.ඒ. ද සිල්වා | 145 | 115 | 14 | 5 | 126.08 | ශ්‍රී ලංකාව | කෙන්යාව | මහනුවර | 1996 මාර්තු 6 | 1074 |
වී.ජී. කම්බලි | 106 | 110 | 11 | 0 | 96.36 | ඉන්දියාව | සිම්බාබ්වේ | ග්‍රීන් පාර්ක් ක්‍රීඩාංගනය, කාන්පූර් | 1996 මාර්තු 6 | 1075 |
බී.සී. ලාරා | 111 | 94 | 16 | 0 | 118.08 | බටහිර ඉන්දීය කොදෙව් | දකුණු අප්‍රිකාව | ජාතික ක්‍රීඩාංගනය, කරච්චි | 1996 මාර්තු 11 | 1079 |
සී.ඉසෙඩ්. හැරිස් | 130 | 124 | 13 | 4 | 104.83 | නවසීලන්තය | ඕස්ට්‍රේලියාව | මදුරාසි | 1996 මාර්තු 11 | 1080 |
එම්.ඊ. වෝ | 110 | 112 | 6 | 2 | 98.21 | ඕස්ට්‍රේලියාව | නවසීලන්තය | මදුරාසි | 1996 මාර්තු 11 | 1080 |
පී.ඒ. ද සිල්වා | 107* | 124 | 13 | 0 | 86.29 | ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් | 1996 මාර්තු 17 | 1083 |
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Records / One-Day Internationals / Team records / Highest innings totals". ESPNcricinfo. 1 March 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 March 2015.
- ^ Chhabria, Vinay (12 March 2020). "10 Guinness World Records held by cricket". CricTracker. 24 June 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 June 2020.
- ^ "ODI records – Oldest players on debut". ESPNcricinfo. 19 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 June 2020.
- ^ "Stephen Fleming's profile". ESPNcricinfo. 12 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 June 2020.
- ^ "Netherlands v South Africa – Wills World Cup 1995/96 (Group B)". Cricket Archive. 6 January 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 June 2020.
- ^ Williamson, Martin; McGlashan, Andrew (3 July 2008). "Help the aged". ESPNcricinfo. 21 May 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 June 2020.
- ^ "ODI records – Oldest players". ESPNcricinfo. 19 December 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 June 2020.
බාහිර සබැඳි
[සංස්කරණය]- ක්‍රිකට් ලෝක කුසලානය 1996 ESPNcricinfo වෙතින්